රු. ලක්ෂ 866ක කුෂ් කටුනායකින් අල්ලයි


රුපියල් අට කෝටි හැට හය ලක්ෂ හතලිස් දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු 11/16 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා 35 හැවිරිදි වියේ පසුවන නැදුන්කර්නි ප්‍රදේශයේ පදිංචි යකඩ පෑස්සුම්කරුවෙකු වන අතර , අනෙක් ගුවන් මගියා 46 හැවිරිදි වියේ පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන , මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ , එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් 11/16 දින අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් දෙදෙනා විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ විදේශීය විස්කි බෝතල් අඩංගු පෙට්ටි 04 ක් තුළ , එම බෝතල් ඉවත් කර , පැකැට් 04 ලෙස සකස් කර මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 ග්‍රෑම් 664 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි.

මොවුන් දෙදෙනා 11/16 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.



Recommended Articles